මිනිස් ජිවිතේ ප්‍රශ්නය මරණයයි

මිනිස් ජිවිතේ ප්‍රශ්නය මරණයයි

“80 දශකය අප විශ්ව විද්‍යාල වල ගත කල අතර එසමයේ උතුරේ හා දකුණේ විශාල කැරලිකාරිත්වයක් ඇති විය. අපගේ සහෝදරවරුන්, භාක්තිවන්තයන් ඒ කැරලිකාරිත්වය සමග මිය ගියේ නැවත ආපසු හැරවීමට නොහැකි ලෙස වෙනස් කරමින්ය. ජීවිතය කැරැල්ලෙන් වෙනස් කලාට වඩා මගේ ජිවිතේ වෙනස් වන සිදුවීමක් සිදු වුණා. මා සමග එකට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් කටයුතු කල මගේ යහළුවෙක් සිටි අතර ඔහු හා මා පුහුණුව සදහා වනේ සංස්ථාවට ගිය අතර එහිදී නිතර වානේ සංස්ථාවේ පුස්තකාලය පරිශීලනය කිරීමට හැකි වීමෙන් විවිධ පොත් පත කියවීමට හැකියාව ලැබුනා. කාලයත් සමග ඔහු සියදිවි නසා ගත් අතර ඔහු විසින් ලියන ලද ලිපියේ සදහන් වුයේ පිටස්තරයා නම් නව කතාව තම මරණයට හේතු වූ බවයි. මරණය සංකල්පය බටහිර ලෝකය තිබුණු විශාල ගැටළුවක් වූ අතර මිනිස් අපට තිබෙන ගැටලුවත් එය බවත්, මිනිසා විසින් විවිධ දෑ නිර්මානය කිරීමට හැකියාව ලැබුනද, උපත හා මරණය පාලනය කිරීමට නොහැකි වී තිබෙන බව”මහනගර ඇමති චම්පික රණවක මහතා මෙලෙස අදහස් පලකලේ වෛද්‍ය සුදත් දම්සිංහ මහතා විසින් රචිත වෛද්‍ය වරයෙකුගේ මරනාසනන්න අත්දැකීම් ඇතුලත් “සත්‍ය විවරණය නිමා නොවූ නිමාව” ග්‍රන්ථය එළි දැක්වීම අවස්ථාවට සහභාගී වෙමිනි.

 

වැඩි විස්තර සදහා පිවිසෙන්න….

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *