2030 සිට පදිංචියට තෝරාගත යුත්තේ කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා ඇති තීරුවයි

2030 සිට පදිංචියට තෝරාගත යුත්තේ කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා ඇති තීරුවයි

“ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් මේ රටේ රාජ්‍ය ඒකාධිකාරය බිඳ දමමින් සිදු කළ වෙනසට වඩා බරපතල වෙනසක් 2015 ජනවාරි 08 සිදුවුණු අතර, පවුල් පාලනයක ලයිසන් රාජ්‍යයෙන් අප ගැලවිම හැකි වූයෙන් නැවතත් එම රාජ්‍ය ගොඩනගන්න ඇතැම් අය උත්සාහ දරමින් සිටියත්, ජනතාව ඒ සඳහා ඉඩ නොදෙන බව අපට විශ්වාසක් පවතිනවා. විධිමත් තිරසර සංවර්ධනයක් ඔස්සේ ඉදිරියට ඇදෙන්න රටේ දැන උගත් ජනතාව පෙළ ගැසී සිටිනවා. පොළොන්නරුව ගැන සඳහන් කිරීමේදී පරාක‍්‍රම සමුද්‍රය, ගල් විහාරය, ඇතුළු ප්‍රෞඩ ඉතිහාසය, ඒ සමගම පුලතිසි රාජ්‍යධානියේ කෘෂිකර්මාන්තයේ ඇතිවී තිබූ සශ‍්‍රීකත්වයට මහා පරාක‍්‍රමබාහු රජතුමා අතුළු අපේ මුතුන්මිත්තන්ගේ හුදු ගොවිබිමක් පමණක් නොව විශාල වාණිජ මධ්‍යස්ථානයක්. අතීතය මෙන් වර්තමානයේදී එම වාණිජ්‍ය මධ්‍යස්ථානයන් යාවෙන පරිදි පොළොන්නරුව ද කේන්ද්‍ර කොට ගනිමින් නව වාණිජ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට හැකියාව හා සුදුසුකම් ඇති බව සඳහන් කළ යුතුවේ. තවද, මධ්‍යම කඳුකරය ආශ‍්‍රිත ප‍්‍රදේශ නාය යෑම් ඇතුලූ ආපදා සහිත ප‍්‍රදේශ බවටත්, මුහුද ආශ‍්‍රිත ප‍්‍රදේශ මුහුදු ගොඩ ගැලීම්, මුහුදු ඛාදනය ඇතුලූ ආපදාවන්ට නිරන්තරයෙන් ලක්වීම හේතුවෙන් මේ ප‍්‍රදේශ ආශ‍්‍රිත නගර නිර්මාණය අසීරු කරුණක් වී තිබෙනවා. ඒ අනුව 2030 පමණ වන විට ජනතාව පදිංචිය සඳහා තෝරාගත යුත්තේ කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා ඇති මෙම තීරුවයි.කොළඹ, ගම්පහ, කුරුණෑගල සේම ත‍්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව ඒකාබද්ධ කරන මෙම ත‍්‍රිකෝණය තවදුරටත් සංස්කෘතික ත‍්‍රිකෝණයක් නොව නැගෙනහිර ආසියානු රටවල් දෙසට ඉලක්ක වන බලගතු ආර්ථික ත‍්‍රිකෝණයක් බවට පරිවර්තනය කිරීමට මේ වන විටත් කටයුතු සැළසුම් කරමින් සිටින බව”  මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළකර සිටියේපිබිදෙමු පොළොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහනට සමගාමීව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබනසුඛිත පුරවර’ ව්‍යාපෘතිය යටතේදෙස්විදෙස් සංචාරක ප‍්‍රජාවගේ සුවපහසුව සහ දැනුවත්භාවයප‍්‍රවර්ධනය උදෙසා ඉදිකරන ලද වාණිජ සංකිර්ණයසංචාරක තොරතුරු මධ්‍යස්ථානයසංචාරක පොලීසිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. 

 

 

Untitled_Panorama1

_D5A2002

_D5A1977

_D5A2313

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *