ජෙරුසිලම සැමට අයිති ස්වාධීන මධ්‍යස්ථානයක් විය යුතුයි

ජෙරුසිලම සැමට අයිති ස්වාධීන මධ්‍යස්ථානයක් විය යුතුයි

“ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ තානාපති කාර්යාලය ඊශ‍්‍රායලයේ ටෙල්ඇවි නගරයෙන් ඩැමස්කස් නගරය කරා ගෙන යන්න තීරණය කිරීමත් සමගම ලෝකය පුරාම විශාල කලබැගෑනියක් ඇති වුණා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට පක්ෂව වුණේ ඇමරිකා එක්සත් ජනපදය පමණයි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංගමයට ඒ පිළිබඳව ගෙන ආ යෝජනාවට ඇමරිකාව සමග හිට ගත්තේ තවත් රටවල් 9ක් පමණයි. ඒවා ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ ආර්ථික වශයෙන් යැපෙන කුඩා රාජ්‍යයන්.ඩොනල්ඞ් ට‍්‍රම්ප් පත්වුණේ ඉස්ලාම් විරෝධි එවැන්ජිකල් කි‍්‍රස්තියානීන්ගේ පදනම පාවිච්චි කරමින්. ඒ නිසා විටින් විට මේ එවැන්ජිකල් කි‍්‍රස්තියානීන් 1995 දීත් යෝජනාවක් සම්මත කර ගත්තා ජෙරුසලම ඊශ‍්‍රායලයේ අගනගරය විය යුතු බවට. එතනදී කි‍්‍රස්තියානීන් හා යුදෙව්වන් එකට හිටගෙන ඉන්නවා ඉස්ලාම්වරුන්ට විරුද්ධව. පහුගිය කාලයේ ලෝකය පුරා සිදු වූ ඉස්ලාම්වාදීන්ගේ කි‍්‍රස්තියානි විරෝධින්ගේ ප‍්‍රහාර නිසා මේ කණ්ඩායම් දෙක අතර ලොකු සමගියකුත් ගොඩනැගිලා තිබෙනවා මේ වන විට. මේ නිසා ඩොනල්ඞ් ට‍්‍රම්ප් තමන්ගේ රටතුළ දේශපාලන ස්ථාවරත්වය රැක ගන්න තමන් දුන් ඡුන්ද පොරොන්දුවක් ඉටු කර ගැනීම සඳහා මෙය කි‍්‍රයාත්මක කළා. නමුත් ඒ හා සමගම ඔහු විශාල දේශපාලන අනාථ භාවයකට පත් වුණා. ඔහුගේම බටහිර මිතුරන් අතරේ ඔහු කොන් උනා. ඒ වගේම ඔහු විසින් ශක්තිමත් ව ගොඩනගාගෙන හිටපු සෞදි අරාබිය, ඊජිප්තුව ඇතුළු රටවල්වල සුන්නි ඉස්ලාමීය සන්ධානය මෙයින් දෙදරා ගියා. විශේෂයෙන්ම තුර්කිය ඉදිරිපත් වෙලා සුන්නි ඉස්ලාමීය සන්ධානය ආරාබි ලෝකය ඇමරිකා එක්සත් ජනපදයට එරෙහි තැනකට ගෙන ගියා. ඇමරිකාවට අවශ්‍යව තිබුණේ ඉරාණයත් සිරියාවත් කොටු කිරීමට මේ සුන්නි අරාබි රටවල් ටික මෙහෙයවා ගැනීමයි. ඒ වෙනුවට දැන් මේ ප‍්‍රශ්නය නිසා ඉරාණයත් තුර්කියත්, ඒ වගේම සෞදි අරාබියත් මේ සියලූ දෙනාටම සමගි වෙන්න බලකර තිබෙනවා. ඊශ‍්‍රායලයට හා ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව. ඩොනල්ඞ් ට‍්‍රම්ප් තැබූ බලගතු දේශපාලන මෝඩකමක්, මුග්ධකමක් හැටියට මෙය හඳුනාගත හැකි බව”මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පලකළේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

 

වැඩි විස්තර සදහා පිවිසෙන්න…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *