Biography




 

උපත  

1965 අගෝස්තු 4 - බුලත්සිංහල (කළුතර දිස්ත‍්‍රික්කය)

මූලික අධ්‍යාපනය

ඉංගිරිය සුමනජෝති විදුහල

ද්විතීයික අධ්‍යාපනය

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය

උසස් අධ්‍යාපනය

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය - ඊීජ (ඉංජිනේරු) උපාධිය (විදුලි බලශක්ති පද්ධති පිලිබඳ විශේෂ උපාධිය - පන්ති සාමාර්ථ සහිත) 1991 / 1992

වර්තමාන තනතුර

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය

පෙර ඉසිලූ වගකීම්

  • උපදේශක, ඉංජිනේරු ගණිත අංශය, ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (1992-2000)

  • අධ්‍යක්ෂ, උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය SEMA (2006-2007)
  • මහ ලේකම්, ජාතික හෙළ උරුමය
  • පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය (2007-2010)
  • සභාපති, වියානා සම්මුතියේ පාර්ශ්ව කරුවන්ගේ 08 වන සමුළුව (2008-2011)
  • විදුලිබල හා බලශක්ති අමාත්‍ය (2010-2013)
  • තාක්ෂණ, පර්යේෂණ හා පරමාණු බලශක්ති අමාත්‍ය (2013-2014)

ඔහු

  • උගතෙකි, වෘත්තීයවේදියෙකි, නිර්මාණශීලී බුද්ධිමතෙකි
  • මානව හිතවාදී දේශපාලනඥයෙකි
  • අනාගතය පිළිබඳ පැහැදිලි දර්ශනයක් සැලසුමක් ඇති ප‍්‍රඥාවන්තයෙකි
  • පරිණත ප‍්‍රතිපත්ති සම්පාදකයෙකි
  • නොකිලිටි දෑත් ඇති, වැදගත්, මහත්මා දේශපාලකයෙකි
  • කරන දෑ කියන - කියන දෑ කරන යථාවාදී තථාකාරී නායකයෙකි
  • කාර්යශූර, ප‍්‍රායෝගික, ඵලදායී කළමනාකරුවෙක
  • බිහිසුණු ත‍්‍රස්තවාදයට දණ නොනමා අභීතව අභියෝග කළ රට
    වෙනුවෙන්ම කැපවුණ දේශපේ‍්‍රමියෙකි
  • ශ‍්‍රී ලාංකික මුද්‍රාව ජාත්‍යන්තරය තුළ අනන්‍ය කළ ගෝලීය නායකයෙකි
  • විවිධ විෂයන් පිලිබඳ ප‍්‍රාමාණික, වියත් පත පොත ලියූ ලේඛකයෙකි
  • සොබාදහමට පෙම්බැඳි සැබෑ පරිසර හිතවාදියෙකි
  • මේ පොළවේ පය ගසා ගත් සරල, සුන්දර මිනිසෙකි

පිය සටහන්

  • ඉංගිරිය සුමනජෝති විදුහලෙන් මූලික අධ්‍යාපනය ඇරඹීම  - 1971
  • ශිෂ්‍යත්ව විහාගයෙන් දිස්ත‍්‍රික්කයේ පළමුවැනියා වෙමින් ද්වීතික අධ්‍යාපනය සඳහා හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වීම - 1976
  • කළුතර දිස්ත‍්‍රික්කයේ පළමු වැනියා ලෙස අ.පො.ස. (උ. පෙ) සමත් ව සරසවි ප‍්‍රවේශයට වරම් ලැබීම - 1984
  • ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වීම - 1985
  • විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයේ සක‍්‍රිය දේශපාලන ක‍්‍රියාධරයෙක් ලෙස කටයුතු කිරීම (1985-92)
  • මවුබිම සුරැුකීමේ ව්‍යාපාරය වෙනුවෙන් කැපවීම (1986)
  • පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම සඳහා වූ අරගලය මෙහෙයවීම (1988)
  • තහනම් කොට තිබූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සභා යළි දිනා ගැනීම සඳහා වූ අරගලය ජයග‍්‍රහණය කරා මෙහෙයවීම (1990)
  • ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හරිත දේශපාලන සංවීධානය වූ ජනතා මිතුරෝ පිහිටුවීම (1992)
  • ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය (NMAT) ආරම්භ කිරීම (1998)
  • එස්. එල්. ගුණසේකර හා තිලක් කරුණාරත්න මහතුන් සමග ජාතික මතවාදය ඉදිරියට ගෙන යාම සඳහා සිහළ උරුමය පක්ෂය පිහිටුවීම (2000)
  • ශ‍්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුරයට සිහළ උරුමයෙන් තේරී පත්වෙමින් ජාතික දේශපාලනයට අවතීර්ණ වීම (2001)
  • ජාතික හෙළ උරුමය පක්ෂය පිහිටුවීම (2004)
  • ශ‍්‍රී ලංකාවේ 13වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුරයට ජාතික හෙළ උරුමයෙන් තේරී පත් වීම (2007)
  • පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට පත් වීම (2007)
  • 2010 මහ මැතිවරණයට තරඟ කොට මනාප චන්ද 120,333 ලබා ගනිමින් කොළඹ දිස්ත‍්‍රික්කයේ තෙවැනි ස්ථානය ලබා ශ‍්‍රී ලංකාවේ 14 වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුරයට තේරී පත් වීම (2010)
  • විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට පත් වීම (2010)
  • තාක්ෂණ, පර්යේෂණ හා පරමාණු බලශක්ති අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට පත් වීම (2013)
  • විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට පත් වීම (2015)
  • මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය (2016)

පන්හිඳට ගොනු කළ ඔහුගේ වියත් ලියමන්

පොත්

  • අපේ මග (1989)
  • සංවර්ධනයේ තුන් වන යාමය (1991)
  • Relational Reality (1993)
  • සාපේක්ෂා (1997)
  • ත‍්‍රස්ත විරෝධී ජාතික සැලැස්ම (1999)
  • කොටි විනිවිදීම 1/ 2 (1999, 2006)
  • සිහල අභියෝගය (2001)
  • නැගෙනහිර සිංහල උරුමය (2002)
  • අල් ජිහාද් - අල් කයිදා (2003)
  • හරිත අරුණ (2008)
  • Towards A New Green Era (2008)
  • Charge of The Lion Brigade (2009)
  • පටිසෝතගාමීව තිස් වසක් (2009)
  • ඒහි පස්සිකෝ (2011)
  • හෙට මුළු රට එළියයි (2011)
  • බලය සහ බලය (2014)
  • ආලාපාළු ආර්ථිකය (2014)

පර්යේෂණ පත‍්‍රිකා

  • Vedic Mathematics (Narendra Puri) Further developed and introduced to the Sri Lankan Engineering Students’ (1993)
  • Total Productivity ‐Trying to introduce a new concept called total productivity (Leontiff matrix) applicable to agriculture and
    transport sector. (1994)
  • Philosophical Analysis on General Theory of Relativity - Ernst Mach Philosophy and Buddhist Perspective. (1995)
  • Continuity and Discreetness‐ Algebra and Calculus, Philosophical Analysis on Continuous and Discreet Variables. - Presented at Indigenous Science and Technology Conference, Varanasi, India. (1997
  • Quantum Reality‐ Beyond the Metaphysics of Common sense. Buddhist idea, Relational Reality Incorporate with Quantum Reality ‐ presented at the Institute of Fundamental Studies Kandy. (1997)
  • Theory of Chaos and Fractal Geometry. Holistic Approach (world view) Huayen Buddhism. (1999)
  • Towards a Post Modern Science: A Buddhist View. Presented at SISHV University of Peradeniya. (2005)